Friday, July 1, 2011

කැබිතිගොල්ලෑව ප්‍රදේහය ආවරණය කර ඇති කුංචුට්ටු දිය උල්පත් සමූහය සංරක්ෂණය කළයුතුය.

කුංචුට්ටු දිය උල්පත් සමූහය සංරක්ෂණය කළයුතුය.



“කුංචුට්ටු” යනු වන්නියාර් වරැන් තැබූ ද්ර විඪ නාමයකි. මෙහි තේරුම “කුඩා දිය උල්පතක්” යන්නය. කුංචුට්ටු එක ගමකට තැබූ නමක් නොවේ.කෝරළයක් ලෙස සැලකෙන විශාල ප්රකදේශයක් කුංචුට්ටු කේරළය නමින් හැ‍ ඳින්වේ.නමගිය දේශ පාලනඥයෙකු වූ දිවගෙන මෛත්රීපපාල සේනානායක මහතාගේ උපන් ගමවූ “කිව්ලේකඩ”පිහිටා ඇත්තේද කුංචුට්ටු කේරළයේය. ගමකට-තැනකට සීමා නොවී මුළු කෝරළය පුරා තැනින් තැන දිය උල්පත් පිහිටා ඇත. කැබිතිගොල්ලෑව අවට පමණක් මෙවැනි පෘර්ථ වියේ විශ්මයජනක නිර්මාණයන් වූ දිය උල්පත් 28ක් පිහිටා ඇත. මේ ප්ර්දේශයේ ප්රවධාන නගරය වන්නේද කැබිතිගොල්ලෑවයි. එල්.ටී.ටී.යුද්ධය පැවති සමයේ මේ ප්රයදේශය හැඳින්වූයේ එල්.ටී.ටී ත්රහස්තයන්ගේ “මරණ තිත් පොල”හැටියටය. ඊට හේතුවූයේ මෙම දියඋල්පත් පිරුණු සරුසාර ප්රැදේශය ඩැහැගැනීමට ත්රපස්තයන් නිතර නිතර වලි කෑමයි. කැබිතිගොල්ලෑව පෙරදා “කුංචුට්ටුව”ලෙස හැඳින්වුවත් අද ත්රපස්ත අරගල නිසා ප්රවසිද්ධ වී ඇත්තේ “සිංහලයාගේ දංගෙඩිය”ලෙසය.

රත්නපුරයට මැණික්-එප්පාවලට පොස්පේට්-පුල්මුඩේට ඛනිජ වැලි-බුත්තලට යපස් ඉල්ලම- මෙන් රජරටට මහාර්ඝ සම්පත වී ඇත්තේ කැබිතිගොල්ලෑවේ ස්වාභාවික දිය උල්පත් විසි අටය. වකුගඩු රෝගය පිළිබඳ ජාතික ප්ර ශ්නයේදී-පානයට ඉතාමත් සුදුසු ජලය මෙම දිය උල්පත් වල පිහිටා ඇතැයි වකුගඩු රෝග පර්යේෂක විශේෂඥ වෛද්යත ධම්මිකා මැණිකේ දිසානායක මහත්මිය දැනටමත් නිර්දේශ කර තිබේ.මේ හේතුව නිසා දැන් කැබිතිගොල්ලෑවේ ඇත්කත් උල්පත් දිය ලබා ගැනීමේ තරඟයකි. කෙතරම් දුරට මේ දිය තරඟය ව්යාිප්ත වී තිබේද යත් ගෝනමැරියාව සහ තවත් ප්රයධාන දිය උල්පත් අසල පොලිස් රැකවරණ යෙදීමට සිදුව ඇතැයි... කැබිතිගොල්ලෑව ප්රාපදේශීය ලේකම් චම්පික ධර්මපාල මහතා පවසයි.


පෙර රජ දරුවන් වැව් බැන්දේ ආවාට ගියාට නොවේ.හැම වැවකටම පාහේ දිය උල්පත් මැදි කරගෙන තිබේ. කල වැලක මුලින් උපන් දිය උල්පතක් මුල් කොට කලා වැවද උල්පත් ‍ෙපාකුරක් මතුවූ තැන තුරුවිල වැවද දිය උල්පත් ගොන්නක් මැදි කරගෙන පදවිය වැවද -තවත් එබඳු ඒරවැව-උට්ටිමඩුව-මාන්නංකට්ටිය-නාච්චදූව-නුවරවැව-තිසාවැව වැනි වැව්ද බැඳ ඇත්තේ දිය උල්පත් මැදිකර ගෙනය. ජනප්රවවාදයේ කියවෙන අන්දමට පෙරදා රජරට පුරාවට දිය උල්පත් 672ක් පිහිටා තිබේ.උමං ගංගා ලෙස හැඳින්වෙන්නේ මේවාය.කඳුකරයෙන් වෑහෙන දියඇලි භූගතවී නැවත ඒවා පොළොවට මතුවී ඇත්තේ කුංචුට්ටු ප්රැදේශයෙනි. දේශගුණික විපර්යාසයන් නිසාද මිනිසාගේ වැරදි චර්යා රටා නිසාද අද වනවිට මේදිය උල්පත් රැසක් සිඳී ගොස් ඇත. තවමත් ඉතිරිව ඇත්තේ කුංචුට්ටුවේ දියඋල්පත් පොකුර පමණී.මේවායේ ජලය ලබා ගැනීම‍ට එන්න එන්නම පොර කෑම් වැඩි වීම නිසා කැබිතිගොල්ලෑව ප්රාැදේශීය ලේකම්වරයාද-කැබිතිගොල්ලෑව ප්රාමදේශීය සභාව සහ පොලීසියද මේ මහා ජාතික ජන සම්පත රැකගැනීමේ වැඩ පිළිවෙල තවදුරටත් පුලුල් කළ යුතුව තිබේ.

කුංචුට්ටු කේරලය තුල මුහුදු මට්ටමේ සිට අඩි 435ක් ඉහළින් පිහිටි කඳු වැටියක් පවතී. කුංවුට්ටු ප්රටදේශ,යට දිය උල්පත් ලබා දෙන්නේ මේ කඳුවැටිය ඔස්සේය. සිංහයා උල්පත-ගෝනමැරියාව-වේරමැදියාව-කැබිතිගොල්ලෑව-බණ්ඩාර උල්පත-කලවැදි උල්පත-ගරිල්ලා උල්පත-කුරුළු උල්පත-වැලිමුවපොතාන-දුනුකෙයා උල්පත-නුවර හීන්න-හල්මිල්ල වැටිය වැනි දිය උල්පත් රැසෙන් සිංහයා උල්පත-වැලිමුව පොතාන-වැනි මහා පරිමාණයේ වතුර ගලායන දිය උල්පත් වලට රජපීලී සම්බන්ධ කොට පදවිය වැවට ජලය ගෙන ගිය බවටද පවතින පුරාතන නටබුන් දැකගත හැකිය. විශේෂයෙන් කඳුකරයෙන් උමංගඟක් සේ පැමිණ පොළොවෙන් ජලය මතුවූ තැන සිංහයා උල්පත පිහිටා ඇති අතර මෙහි ජලය සිංහ රූපය මැදින් පැමිණ සිංහ කටෙන් පිටතට වැක්කෙරෙන ආකාරයට මෙය නිර්මාණය කර තිබූ නමුත් ජාතිවාදයෙන් උන්මාද වී සිටි ත්රතස්තයන් මෙම ගලින් නෙලා තිබූ සිංහ රූපය කෑලිවලට කැඩීයන සේ පුපුරවා හැර ඇත. අද අපේ ඇතැම් අය සිංහ ධජය මුණ්ඩාසනයක් සේ හෝ රෙද්දක් සේ ඇඳගත්තත් එදා සිංහලයා තුල “සිංහ රූපය”කෙරෙහි මොනතරම් පිදීමක් තිබුණේ දැයි මේ නිර්මාණයෙන් සිතා ගත හැකිය.

ඉහත සඳහන් කල් පරිදි සිංහයා උල්පකත් සිංහයාට කුලුගෙඩි පහර එල්ල කොට විනාශ කර ඇතත් මේ අමනුස්සකම් ගැන කිසිවක් නොදන්නා දිය උල්පත මේ අමනුස්ස රැලට පෙර පරිද්දෙන්ම මහ පොළොවෙන් ඇතිතරම් දිය පෙරා දෙයි.ගෝනමැරියාවේ පිහිටි සුප්ර කට පානීය ජල උල්පත අඩිතුනක් පමණ ගැඹුරින් පිහිටා ඇති අතර උල්පතේ ආරක්ෂාවට බෝක්කු කටක් ගිල්වා තිබේ. මේ දිය උල්පත අසල දවස පුරාම වාහන හත අටක් රඳවා ගෙන දුර බැහැර පෙදෙස්වලට වතුර ගෙනයයි. මේ අන්දමට දියබර උල්පත-රන්දිය උල්පත-සිසිල් උල්පත-මහ දිය උල්පත-ආදී වශයෙන් තවත් දිය උල්පත් අවට විසිරී ඇත.

සිංහයා උල්පතින් සහ ගෝනමැරියාව උල්පතෙන් ගලා යන ජලය එක්රැස් වන පරිදි ගම්වාසීන් එක්ව ටැංකියක් බැඳ තිබූ නමුත් ඒ ටැංකිය දැන් නටබුන් වී ඇත. මෙම උල්පත් දෙකේ දියවර ගෝනමැරියාව රාජමහා විහාර භූමිය මැදින් ගලා ගිය නමුත් මේ වන විට දිය ගලායාම නැවතී ඇත. පොළොව මතුපිටම පිහිටා ඇති ගෝනමැරියාව “සුන්දර දිය උල්පත” මිනිසා‍ගේ අව භාවිතයෙන් අද වියැකී යන්නට පටන් ගෙන ඇත. විනාඩි දෙක තුනක් තුල දෙතුන් දෙනෙකුට නා ගත හැකි ජල ප්රවමාණයක් මෙයින් උනමින් පැවතින.

කුංවුට්ටු ගමේ කඳුයාය මුදුනේ නිතරදියවර පිටතට ගලායන දිය උල්පත් කිහිපයක්ම තිබේ.මෛත්රී්පාල සේනානායක මහතාගේ නිජභූමිය වූ “කිව්ලේකඩ”ද දිය උග්පතක් පිහිටා ඇත.

කැබිතිගොල්ලෑව ගමේ පිහිටි ප්රිධාන ජල උල්පත් උදය වරුව පුරාවට ජලය පිටාර ගලයි.නගරයේ ජනතාව නෑමට යොදා ගන්නේ මේ ජලයයි. මුළු දවස පුරාම මොනතරම් පිරිසක් නෑවත් මෙහි මෙහි ජලය අඩු වන්නේ නැත.අඩි 9×7×3 ප්ර මාණයේ බිමක පිහිටි මේ ප්ර්ධාන දිය උල්පතට කැබිතිගොල්ලෑව නගරයේ සිට මීටර් 200කට වඩා දුර නැත.නගරයට ආසන්නව තවත් දිය උල්පතක් පවතී. මෙහි ජලය නුවර එළියේ ජලය මෙන් තද ශීතලෙන් යුක්තය. මෙම දිය උල්පතින් සවස්වරුවේ කිසිවෙකු දිය නාන්නේ නැත. ඊට හේතුව ජලයේ ශීතල වැඩිකමයි.

මෙම දිය උල්පත් වලට උඩත්තාවෙන් රක්ෂිත වනය පිහිටා ඇත.මෙම රක්ෂිත කඳුකර වනය-ජල උල්පත්වල නිර්මාතෘවරයාය.මෙම වන රක්ෂිතය අක්කර විස්සක් පමණ වේ.උල්පත්වල දිය සීරාවෙන් ගලායන්නේ බෑවුම් සහිත මෙම රක්ෂිතය මැදින්. කැබිතිගොල්ලෑව ප්ර දේශයවෙමත් සෑදෙන තරමට රජයේ නිදහස් ඉඩම් පවතින නමුත් මෙම දිය උල්පත් පෝෂණය කරන රක්ෂිත බිම් ප්රතදේශයේ සමහර කොටස් අනවසර කරැවන් විසින් අල්ලා ගෙන ඇත.මෙය ඉතාමත් කණගාටුදායක සිද්ධියකි.කැබිතිගොල්ලෑවේ ස්වාභාවික දිය උල්පත් රැකගැනීම කාගේත් යුතුකමක් හා වගකීමක් වුවත් සමහර අය ඒ ජාතික අභිමානය සලකන්නේ නැත. රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර කරුවන්ට වෙනත් ප්රකදේශවලින් ඉඩම් ලබාදී මේ ජාතික සම්පත වහ වහා ආරක්ෂා කිරීම‍ට කාලය පැමිණ ඇත.

කැබිතිගොල්ලෑව ස්වාභාවික දිය උල්පත් වලට මෙතෙක් පැවති බාධා අවහිරතා වලට අමතරව දැන් දැන් තවත් බාධක ඇතිවෙමින් පවතී. කැබිතිගෙ‍ාල්ලෑවේ ස්වාභාවික උල්පත් ජලය ප්රැණීත සහ පිරිසිදු නිසා කොළඹ ඇතැම් ඇල්වතුර විකුණන සමාගම් මේවාට ඇස ගසන්නට පටන් ගෙන තිබේ. ජාතික හැඟීමක් නැති දේශපාලකයෙකුගේ මුවාවෙන් කවුරුන් හෝ මේ දිය උල්පත් වලට රිංගුවොත් එය මුළුමහත් රටටම කරන බරපතල හානියකි.මේ අතර කැබිතිගොල්ලෑවේ උල්පත් දිය වකුගඩු රෝග පාලනයට සුදුසු යැයි වෛද්යකවරු නිර්දේශ කර ඇති හෙයින් දැන් දැන් පිටස්තර ප්රපදේශවලින් ලොරි පිටින් පැමිණි බැරල් වල ජලය පුරවා ගෙන යන්නට පටන් ගෙන තිබේ. රටක් වටිනා මේ ජාතික සම්පත මේ අන්දමට නන්නත්තාර වන්නට ඉඩ හැරීම බරපතල හානියකි. මිනිසුන්ට පිරිසිදු ජලය අවශ්ය නමුත් ඒවා ක්රතම‍ානුගතව බෙදා හැරීමේ වැඩ පිළිවෙලක් අවශ්ය ය. මෙය කැබිතිගෙ‍ාල්ලෑව ප්රතදේශීය සභාවට ධන නිධානයකි. මේ නිසා කැබිතිගොල්ලෑවේ දිය උල්පත් ටික රැක ගනිමින් ඒවායේ ජලය විධිමත්ව ජනතාවට බෙදා දීමේ වැඩ පිළිවෙලක් අප්රාමාදව ඇති කළ යුතුය. මෙම ලිපියට කරුණු රැස් කිරීමේදි මට උපකාර කළ කැබිතිගොල්ලෑව ප්රිදේශීය ලේකම් චම්පික ධර්මපාල මහතාටද,කැබිතිගොල්ලෑව පොලිස් පරීක්ෂක ලියනගේ මහතාටද ,කැබිතිගොල්ලෑව මධ්යප මහා විද්යාකලයේ ආචාර්ය මංජුල කුමාර පතිරණ මහතාටද අපේ ස්තූතිය පිරිනැමේ..



එස් පී එම් දිලිප් කුමාර්
ව්‍යාපෘති කළමණාකරු
නැණසල
කැබි.ිගොල්ලෑව
0773961166