Friday, January 10, 2014

පරිගණක පුහුණු සහතික පත් ප්‍රධානය 2013

පරිගණක පුහුණු සහතික පත් ප්‍රධානය 2013
අනුරාධපුර මහ නගරසභාවේ මහඡන පුස්තකාලය නැණසල ආයතනයට අයත් පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ පරිගනක පුහුණුව ලැබූ සිසුන් 218 දෙනෙකුට අදාල සහතික පත් ප්‍රධානය 2014/01/10 වන අද දින පෙරවරු 10 පැයට අනුරාධපුර මහ නගරසභා පරිශ්‍රයේදි සාර්ථකව සිදු කරන ලදි . මේ සදහා මහ නගරසභාවේ ගරු නගරාධිපති තුමා, උප නගරාධිපති ඇතුලු මන්ත්‍රී තුමන්ලාගේ හා නාගරික කොමසාරිස් ඇතුලු දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගි වන ලදි. 
එම අවස්ථාවේ ගත් දසුන්  කිහිපයක් ................................
සහතික පත් සිසුන්ට නැණසල ආයතනයේ උණුසුම් සුභ පැතුම්  ... !

























Friday, December 13, 2013

2013 වර්ෂ අවසාන පරිගණක පාඨමාලා කණ්ඩායමේ විභාගය

2013 වර්ෂ අවසාන පරිගණක පාඨමාලා  කණ්ඩායමේ විභාගය 
අනුරාධපුර මහ නගර සභාවේ නැණසල මධ්‍යස්ථානයේ පරිගණක පාඨමාලාවන් හි අවසන් විභාගය 2013 දෙසැම්බර් 22 වන ඉරිදා පෙරවරු 9.00 ට අනුරාධපාර මහඡන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වීමට කටයුතු සිදු කෙරේ 
විභාග ප්‍රෙව්ශපත් නැණසල මධ්‍යස්ථානයෙන් එදිනට පෙර ලබා ගන්න

සමාධි පෙර පාසල් වාර්ෂික විවිධප්‍රසංගය සදහා විවෘත ආරාධනා

Thursday, December 12, 2013

Now You Can Fallow @ ICTA Nenasala Kebithigollewa and MC Nenasala Anuradhapura

Intel in Education—Intel® Learn Easy Steps

Enhancing quality of life through digital literacy

නැණසල e - දිරිය පරිගණක අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන

නැණසල e - දිරිය පරිගණක අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන


2013 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන්  විශිෂ්ටතා දැක්වූ දූ දරුවන් වෙනුවෙන් ලබා දෙන නැණසල  e - දිරිය පරිගණක අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන
නැණසල  e - දිරිය පරිගණක අධ්‍යාපනික ශිෂ්‍යත්ව ගිවිසුම් පත්‍රය
01.   ශිෂ්‍ය / ශිෂ්‍යාවගේ නම      :-­­­­­­­­­­­_________________________________________________________
02.   ඉගෙනුම ලබන පාසල      :-  අ / කැබිතිගොල්ලෑව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය
03.   ඉගෙනුම ලබන ශ්‍රේණිය  :-  5 ශ්‍රේණිය
04.   ශිෂ්‍යත්වය හිමි පරිගණක පාඨමාලා          ව පිළිබද විස්තර
මෙම පරිගණක පාඨමාලාවේ මූලික අරමුණු  වනුයේ පරිගණකය ඉගෙනුම් උපකරණයක් ලෙස භාවිතයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙළබවීම හා  විද්‍යූත් අධ්‍යාපනය සදහා දරුවන් යොමු කිරීම හා පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීමයි.
සහභාගිවිය යුතු දිනය හා වේලාව  නැණසල ආයතනය විසින් ඉදිරියේදි පවත්වන පළමු ආරම්භක රැස්වීමෙදි ලබා දීමට කටයුතු කරනු ඇත.
ආයතනයේ නිති රීති
01.    ශිෂ්‍යත්වලාභීන් අඛණ්ඩව පාඨමාලා සදහා සහභාගී විය යුතුය.
02.    පාඨමාලා කාලය තුල පවත්වන ඒකක පරීක්ෂණ සදහා පෙනීසිටීම අනිවාර්ය වේ.
03.    පාඨමාලාවහි ලබා දෙන පැවරුම් හා ව්‍යාපාති නියමිත දිනට භාර දිය යුතුය.
04.    අසනීප හා නොවැලැක්විය හේතුමත සහභාගි නොවේ නම් භාරකරුගේ ලිඛිතව ඉල්ලීම් කල යුතුය.
05.     නොදන්වා පාඨමාලාවට සහභාගි නොවීම ශීෂ්‍යත්වය අවලංගු වීමට හේතු වේ.
06.     ආයතනය කැදවන දෙමාපිය රැස්වීම් සදහා භාරකරුවෙකු සහභාගි වීම අනිවාර්ය වේ.
07.     නොමිළේ ලබාදෙන  පාඨමාලා ප්‍රවේශ පත්‍රය ලබා ගැන්මට ශිෂ්‍යත්ව ප්‍රදාන පත්‍රය ඉදිරිපත් කල යුතුය.
08.    පරිගණක පාඨමාලාවේ අවසානය දක්වා අඛණ්ඩව සහභාගි  වුවන්ට පමණක් සහභාගීත්ව සහතික පත් නිකුත් කරනු ලැබේ.
09.    ආයතනය තුල හෝ ඉන් බැහැර විනය විරෝධීව හා අකීකරු හැසිරිම් ශිෂ්‍යත්වය අවලංගු විමට හේතු වේ.
10.     මෙම සමස්ථ පාඨමාලාව නොමිලේ ලබා දෙන අතර අතිරේකව ලබා දෙන නිබන්දන හෝ ඉගෙනුම් උපකරණ ගාස්තු නැණසල ආයතනයට ගෙවිම හැර කිසිදු මුදලක් වෙනත් අයහට ගෙවිම තහනම්ය.
11.     මෙම සමස්ථ අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන සදහා ණැනසල ආයතනය විශාල මුදලක් කැපකරමින් භාහිර දේශකයන්ට ගෙවන හෙයින් ඉන් ශිෂ්‍යත්වලාභියා උපරිම ලෙස ඉගෙනුම් කාර්යයේ ඵලදායි ලෙස යෙදිම අනිවාර්ය වන අතර තම දෙමාපියන් ඒ පිළිබදව නිසි නිරීක්ෂකයා ලෙස සහයෝගය දැක්විය යුතුය.
12.    පාඨමාලා කාලයහි  ආයතන පරිශ්‍රය තුල   ශිෂ්‍යත්වලාභියාගේ ආරක්ෂාවට වගකියන අතර ඉන් බැහැරව දි දෙමාපියන් තම දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය සපයා ගත යුතුය.
13.    “නැණසල e - දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්වය” මගින් දැයේ දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගන්වන ක්‍රියාන්විතයට ශිෂ්‍යත්වලාභියා මෙන්ම දෙමාපියන් හෝ භාරකරුවන් ඉහත වගන්ති හොදින් තේරුම් ගෙන පරිපාලන කටයුතු සදහා  නිසි සහයෝගය නැණසල ආයතනයට ලබා දිය යුතුය.
14.     දෙමාපිය ධනය විශාල ලෙස ඉතිරි කර දෙමින්  අප විසින් නොමිලේ ලබා දෙන “නැණසල e - දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්වය” නොසලකා හරිමින් හා ඊට ප්‍රමුඛතාව දි ක්‍රියා නොකරන බව සනාථ වුවහොත් ප්‍රධානය කල ශිෂ්‍යත්ව අවලංගු කිරිම සදහා ආයතන කළමණාකාරිත්වය කටයුතු කරන බව අවධාරණය කරමි.
දිනය:- 2013/11/20                                                                                                    
    ______________________
                                                                                                                                                    ව්‍යාපෘති කළමණාකරු


ඉහත ගිවිසුම් පත්‍රය හොදින් කියවා බලා ඉහත වගන්ති වලට එකගව මගේ දරුවාට නැණසල e - දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

භාරකරුගේ නම හා ලිපිනය  :- ...........................................................................................................................................

...........................................................................................................................................................................................

                                                                                                                භාරකරුගේ අත්සන   ...........................................
මෙම ගිවිසුම් පත්‍රය සම්පූර්ණ කර 2013/11/22 ප.ව. 5 ට පෙර නැණසලට පැමිණ භාරදිය යුතුය. 
Will be soon new computer course 
@
ICTA nenasala Kebithigollewa
MC Nenasala - Anuradhapura

Thursday, December 13, 2012

නැණසල e-දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්ව 2013


නැණසල e-දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්ව 2013

නැණසල e-දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්ව 2013

කැබිතිගොල්ලැව නැණසල මධ්‍යස්ථානය මගින් හ සමාධි උසස් අධ්‍යාපන ආයතන ය එක්ව 2012 වර්ෂයේ අවසාන වාර පරික්ෂණයට මුහුණ දුන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයේ තෝරා ගත් පාසල් 07 ක  දක්ෂ දරු දැරියන් අතරින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සෑම පංතියකම පළමු ස්ථානය, දෙවන ස්ථානය, තෙවන ස්ථානය ලැබූවන්  වෙත 
තොරතුරු තාක්ෂණය( පරිගණක පාඨමාලා )
 ඉංග්‍රීසි ,
 විද්‍යාව,
 ගණිතය
 යන විෂය දැනුමෙන් සවිබල ගන්වන නොමිලේ ලබා දෙන ශිෂයත්ව ලබා දිමේ උත්සවය 2012/12/13 වන දින පෙරවරු 10.00 පැයට කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විය. 

ඒසදහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ  ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, පරිපාලන නිළධාරිනී, නැණසල ආයතනයේ ව්‍යාපෘති කළමණාකරු වන එස් පි එම් දිලිප් කුමාර යන මහත්ම මහත්මින් සමග දේශක තාරක මහතාද සහභාගි විය.

මෙහිදී ශිෂ්‍යත්වලාභීන් ඇමතූ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ප්‍රාදේශීය ලේකම් විසින් තොරතුරු තාක්ෂණය ඉගෙනුමේ වැදගත්කම හා නැණසල ආයතනය මගින් ප්‍රධානය කල ශිෂ්‍යත්ව වැඩසටහන අගය කරන ලදි.

මෙහිදී ශිෂ්‍යත්වලාභීන් 150 කට අධික සිසු සිසුවියන් වෙත ශිෂයත්ව හිමිකම් සහතික පිරිනමන ලදි. 

ශිෂ්‍යත්ව හිමිකම් සහතික ප්‍රධානයේ ඡායාරූප කිහිපයක් .....................